කටුනායක ගුවන් තොටුපළේ හදිසි තත්වයක්

කටුනායක ගුවන් තොටුපළේ හදිසි තත්වයක්

කටුනායක ගුවන් තොටුපලේ විනිමය කළමණාකාරීවරියක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් මේ වන විට ගුවන් තොටුපළේ හදිසි තත්වයක් නිර්මාණය වී ඇත.

අදාල කළමණාකාරීවරියගේ සැමියා රේගු වංචාවකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අතර එම සිද්ධියට අදාලව රේගු නිලධාරීන් විසින් අදාල කළමණාකාරීවරිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සේවා ස්ථානය තුළ සේවයේ නිරතවෙමින් සිටිය දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර ගුවන් තොටුපළේ කළමණාකාරීත්වය ඇතුළු විශාල පිරිසක් සිය සේවාවලින් ඉවත්ව මේ වන විට විරෝධතාවයේ නිරතව ඇත.

විරෝධතාවය හේතුවෙන් ගුවන් තොටුපළේ කටයුතු මුළුමනින්ම ඇණ හිට ඇති අතර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හෝ ගුවන් යානා ගුවන්ගත වීම ද මේ හේතුවෙන් සිදු නොවන බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn