නාමල් කුමාර රජයේ රස පරික්ෂකවරයා වෙත

නාමල් කුමාර රජයේ රස පරික්ෂකවරයා වෙත

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන දුරකථන සබඳතාව සම්බන්ධයෙන් කටහඬ පරීක්ෂාව සදහා එම තොරතුරු හෙළි කළ නාමල් කුමාර මහතාය රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (25) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

මෙම කටහඬ පරීක්ෂණය සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මගින් හෙට (26) පෙරවරු 10.00ට රජයේ ප‍්‍රධාන රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කරන ලෙසට මෙහිදී මහේස්ත‍්‍රාත්වරිය වැඩිදුරටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn