ඇලෝසියස් – පලිසේන යලි රිමාන්ඩ්

ඇලෝසියස් – පලිසේන යලි රිමාන්ඩ්

පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් ලබන 30 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

2015 වසරේ පෙබරවාරි 27 දින පැවති බැදුම්කර වෙන්දේසියේ දී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙත ඉහළ පොලී අනුපාතයන්ට බැදුම්කර අලෙවි කිරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 688ක පාඩුවක් සිදු කිරීමත් එම පාඩුව සිදුකරීමට අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන යන සැකකරුවන් ආධාර අනුබලදීම සාක්ෂි සහිතව අනාවරණය වී ඇතිබැවින් ඊට එරෙහිව ඔවුන්ට චෝදනා ගොනු කොට තිබේ.

Facebook
Twitter
LinkedIn