නව ඡන්ද ක්‍රමයට ජවිපෙ විරුද්ධ නැහැ

නව ඡන්ද ක්‍රමයට ජවිපෙ විරුද්ධ නැහැ

නව මිශ්‍ර චන්ද ක්‍රමයට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ නැතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

නව ඡන්ද ක්‍රමයට විරුද්ධ නැතත් පළාත් සභා සීමා නිර්ණ වාර්තාවේ සමහර කරුණු පිළිබ ඳව ප්‍රශ්නකාරී තැන් තිබෙන බව බිමල් රත්නායක මහතා පෙන්වා දෙයි.

සීමා නිර්ණ වාර්තාව පිළිබඳව විවාදයේදී ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව පක්ෂය රැස්වී තීරණයක් ගන්නා බවද බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්