මහින්ද එදා ඇමතිවරුන්ට බැන්නෙත් තිරිසනුන්ට වගෙයි

මහින්ද එදා ඇමතිවරුන්ට බැන්නෙත් තිරිසනුන්ට වගෙයි

විශ්‍රාමික ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමා සංවේදී මානව හිතකාමි නායකයෙකු ලෙස හදුන්වා ගත්තද පසුගිය දිනක ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට මාධ්‍ය ඉදිරියේ ඉතා පහත් ආකාරයෙන් බැනවැදිම ජනතාවගේ පීලිකුලට හා උදහසට ලක්වීමට හේතුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

“ගිය ආණ්ඩුව කාලේ අපෙන් සුලු අතපසුවීමක් උනත් අපටත් මහින්ද මහත්තයා තිරිසන් සතුන්ට වගේ තමයි බැන අඩ ගෑවෙ. ඒ ක්‍රියාකලාපය නිසා ජ්‍යේෂ්ඨ ඇමතිවරු ගොඩක් කලකිරුනා” යයි මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ.

බෙලිඅත්ත අංපිටිය වැව ප්‍රතිසංස්කරණ කිරීමේ සාමාරම්භක උත්සවයේදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පුද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර මහතාට මාධ්‍ය ඉදිරියේ ඉතාමත් අවඥාසහගත ලෙස බැනවැදීම සම්බන්ධයෙන් අදහස් දක්වමිණි.

මූලාශ්‍ර නිවස්ටියුබ්

Facebook
Twitter
LinkedIn