ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් 16යේ වටය ඊයේ(30) ඇරඹි අතර අපේක්ෂා කළ පරිදි ප්‍රභල ප්‍රංශ කණ්ඩායම හා ආජන්ටිනා කණ්ඩායම අතර උනුසුම් තරඟයක් පැවතිණි.
තරඟ ආරම්භයේ පටන්ම පෙරලිකාර ජයක් ලබමින් ප්‍රංශ කණ්ඩායම ලෝක පාපන්දු අනුශූරයන් නැවත සිය රටට හරවා යැවීමට සමත් විය. ඒ අනුව ගෝල 4-3ක් ලෙස තරගයේ ජය වාර්තා කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ප්‍රංශ කණ්ඩායමට හැකිවිය.
තරඟයේ පළමු අර්ධය නිමා වෙද්දී කණ්ඩායම් දෙකම ගෝලය බැගින් ලබාගෙන සම තත්වයේ පසුවිය.
නමුත් දෙවන අර්ධයේ අමතර කාලයේ දී ගොලයක් වාර්තා කරමින් ආජන්ටිනාව පෙරලිකාරීව තරඟයට පිවිසීමට දැරූ උත්සාහය ව්‍යර්ථ කරමින් ප්‍රංශය සිය ආධිපත්‍ය පැතිරවීමට සමත් විය.
ඒ අනුව 16 දෙනාගේ වටයේ පැවති පළමු තරඟයේ ජය ප්‍රංශය සතු විය.
20










