මාධ්‍යවේදී චාමර ලක්ෂාන් කුමාර මහතා අභාවප්‍රාප්තවේ

මාධ්‍යවේදී චාමර ලක්ෂාන් කුමාර මහතා අභාවප්‍රාප්තවේ

සිළුමිණ ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කතෘ මෙන්ම රැස දිනපතා පුවත්පතේ ආරම්භක කතෘවරයාව සිටි චාමර ලක්ෂාන් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

චාමර ලක්ෂාන් කුමාර මහතා පොසොන් පොහොය නිමිත්තෙන් ලේක්හවුස් ආයතනය සංවිධානය කරන ලද මිහින්තලා ආලෝක පූජාවට සම්බන්ධ වී සිටියදී හදිසි අනතුරකට ලක්ව දින කිහිපයකට පෙර  රෝහල් ගත කර තිබේ. එහිදී අසාධ්‍ය තත්වයෙන් පසුවූ ඒ මහතා ඊයේ(30) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

මෙයට මාසයකට පමණ ඉහතදී සිළුමිණ ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කතෘ ලෙස පත් වූ ඒ මහතා රැස දිනපතා පුවත්පතේ ද ආරම්භක කතෘ ලෙස සේවය කරමින් සිටියේය.

Facebook
Twitter
LinkedIn