සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම නමින් හැඳින්වුවද එම ගිවිසුම ලෝ්‍රක වෙළඳ සංවිධානය සමග අත්සන් කළ වෙළඳ ගිවිසුමක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභි, දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
“ශ‍්‍රී ලංකා-සිංගප්පූරු ගිවිසුම හා ආර්ථිකයේ හෙට දවස” මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද (28) කොළඹදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින් වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසීය.
මෙය ලංකාව නවලිබර් ආර්ථිකයේ අවසාන කොටස සම්පූර්ණ කිරීමට රනිල් – මෛත්‍රී ආණ්ඩුව එළඹි වෙළඳ ගිවිසුමක් යැයිද එහිදී වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේය.
මෙහිදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති ඉන්දික ගමගේ මහතාද මෙම සමන්ත්‍රණය ඇමතීය.
ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා
















