ඌවේ ප්‍රධාන ඇමති නියෝග නොතකා සිව්දෙනෙක් රට යවයි

ඌවේ ප්‍රධාන ඇමති නියෝග නොතකා සිව්දෙනෙක් රට යවයි

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් පිටස්තර පුද්ගලයන් සිව්දෙනෙක් නියමයන්ට පටහැනිව රාජ්‍ය අනුග්‍රහය යටතේ විදෙස් සංචාරයකට පිටත් කර ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ඊයේ(6) පාර්ලිමේන්තුවේදී පිළිගෙන තිබේ.

බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමුකල ප්‍රශ්නයකදී ඇමතිවරිය මේ බව පිළිගෙන තිබේ.

ප්‍රශ්න කිරීම් හමුවේ ශ්‍රියානි විජේවික්‍රම ඇමතිවරිය මෙසේ ද පැවසූවාය..

‘‘විදේශ අධ්‍යාපන චාරිකාවට යවනවා නම් පළාත් සභාවේ මහජන නියෝජිතයින් හා මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් පමණක් යොදා ගන්නැයි ජනාධිපතිතුමා නියෝග කරලා තිබුණා.

නමුත් මහ ඇමතිතුමා ආණ්ඩුකාරවරයාගේ අවසරය අරගෙන බාහිර පුද්ගලයින් සිවු දෙනෙකු අරගෙන ගොස් තිබෙනවා.

ජනාධිපතිතුමාගේ නියෝගය ක්‍රියාත්මක වෙන්ව ඕන. නමුත් ඒක වෙලා නැති බව පිළිගන්නවා.‘‘

Facebook
Twitter
LinkedIn