බැඳුම්කරෙන් මුදල් ගත් පුද්ගලයන් හෙළි කළ යුතුයි – එම මුදල් වහාම පියවා ගතයුතුයි

බැඳුම්කරෙන් මුදල් ගත් පුද්ගලයන් හෙළි කළ යුතුයි – එම මුදල් වහාම පියවා ගතයුතුයි

බැඳුම්කර වංචාවෙන් මුදල් ලබාගත් දේශපාලනඥයන්ගේ නම් ලැයිස්තුව ලබන සතිය ඇතුළත ජනාධිපතිවරයා විසින් හෙළි කළ යුතු බවත් අදාළ මුදල් වහාම පියවා ගැනීමට කටයුතු කළ යුතු බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

එසේ නොවුණහොත් සේවක අර්ථසාධක අරමුදල හිමි පිරිස සමඟ ජනපති කාර්යාලය වටලන බවද ඒ මහතා අනතුරු අඟවයි.

එකී පුද්ගලයන් කවුරුන්ද යන වග දැනගැනීමටත්, අදාළ මුදල් වහාම පියවා ගැනීමත් අත්‍යවශ්‍ය කරුණක් බවද ඒ මහතා අවධාරණය කරයි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් බැඳුම්කර වංචාව හා සම්බන්ධ වාර්තාවට අදාළ පිටු 106ක් ප්‍රසිද්ධ නොකළේ එහි සංවේදී තොරතුරු ආරක්ෂා කර හදිසි ක්‍රියාමාර්ග ගැනීමට බව පැවැසූ නමුත් එකී පිටු 106 තුළ අදාළ පුද්ගලයන් හා ඔවුන් ලබාගත් මුදල් පිළිබඳ තොරතුරු අඩංගු බවද වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

සමරසිංහ මහතා වැඩිදුරටත් පැවැසුවේ බැඳුම්කර වංචාවෙන් මෛත්‍රි, මහින්ද, රනිල් පාර්ශ්ව තුනෙහිම ඇතැම් මන්ත්‍රිවරුන් මුදල් ලබාගෙන ඇති බවය.

මව්බිම

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්