ශ්‍රී ලංකා මහ බැංකුවේ වංචාසහගත බැඳුම්කර සිද්ධියට අදාළව පවතින විමර්ශනයට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමේ කොළඹ 02, පාර්ක් වීදියේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඊයේ (30) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කන්ඩායමක් විසින් සොදිසිකර තිබේ.
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කොම්පඤ්ඤ වීදියේ, පාර්ක් වීදියේ, පාර්ක්ලන්ඩ් ගොඩනැගිල්ලේ පිහිටි එම ප්‍රධාන කාර්යාලය පරීක්ෂා කිරීම ඊයේ පස්වරු 7.00ට පමණ ආරම්බ කර ඇති අතර එම පරීක්ෂාව ඊයේ රාත්‍රිය 09.00 පවන වනතුරු සිදු කර ඇත.
එහි තිබූ පරිඝණක දත්ත සහ ලිපිලේඛන තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගෙන ඇති බවත් වාර්තා වේ.
මූලාශ්‍ර ලංකාදීප
3










