පොල් සහ පොල් ආශ්‍රිත කර්මාන්තය ආරක්ෂා කරගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (31) පෙරවරු 11ට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වෙන බව සමස්ත ලංකා ගොව්ජන සම්මේලනයේ ජාතික සංවිධායක, පොල් කර්මාන්තය සුරැකීමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.
මෙම අවස්ථාවට පොල් සහ පොල් ආශ්‍රිත කර්මාන්තයේ නිරත සංගම් ප්‍රධානීන් සහභාගීවන බවද ඒ මහතා සඳහන් කළේ ය.
පොල් සහ පොල් කර්මාන්තය ආරක්ෂා කරගැනීම අරමුණුකරගෙන පසුගියදා පන්නල ප්‍රදේශයේදී පැවති සමුළුවෙන් පසු මෙම සාකච්ඡාව ලැබී ඇති බවත් මීට පෙර වැවිලිකර්මාන්ත ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවේදී එළඹි තීරන හා එම තීරණ නීතිමය ලෙස බලගන්වා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවත් අද පැවැත්වෙන සාකච්ඡාවේදී බඳුන්වීමට නියමිත බව නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේ ය.
12










