අජිත් ප්‍රසන්න අධිකරණයට එන්නේ මගේ උපදෙස් පිට නෙවෙයි – අමල් කරුණාසේකර

අජිත් ප්‍රසන්න අධිකරණයට එන්නේ මගේ උපදෙස් පිට නෙවෙයි – අමල් කරුණාසේකර

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධියට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ බවට හිටපු මේජර් අජිත් ප්‍රසන්න අධිකරණයට කරුණු දක්වා ඇත්තේ සැකකාර පාර්ශ්වකරුවන්ගේ උපදෙස් අනුව නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (30) දැනුම් දී තිබේ.

නීතිඥවරයකු ලෙස පෙනී සිටින හිටපු මේජර් අජිත් ප්‍රසන්න මහතා පසුගිය නඩු වාරයේ කරුණු දැක්වූයේ සැකකාර මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාගේ උපදෙස් පිට නොවන බව කරුණාසේකර මහතා පැවසූ බවත් අජිත් ප්‍රසන්න මහතා පැවසුයේ  ඔහුගේ පෞද්ගලික අදහස් මිස තමාගේ අදහස් නොවන බව කරුණාසේකර මහතා සඳහන් කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.

පාර්ශ්වකරුවකුගේ උපදෙස් නැතිව නීතීඥවරයකු අධිකරණයේ පෙනී සිටීම වැරැද්දක් බව අවධාරණය කර ඇති අධිකරණය අජිත් ප්‍රසන්න මහතා එලෙස පෙනීසිටී ගැන දැඩි ලෙස විවේචනය කර තිබේ.

Facebook
Twitter
LinkedIn