මන්ත්‍රී අයිය මලෝගේ ඇප කරුවන්ගේ වත්කම් සහතික අධිකරණට ඉල්ලයි

මන්ත්‍රී අයිය මලෝගේ ඇප කරුවන්ගේ වත්කම් සහතික අධිකරණට ඉල්ලයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි සනත් නිශාන්ත පෙරේරා මහතාට සහ ඔහුගේ සහෝදරයාට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා ඉදිරිපත් කෙරුණු මෝසම අද (31) සලකා බැලූ හලාවත මහාධිකරණ විනිසුරු එම්.බී.සී.එස්. මොරායස් මහතා ඇප නියම කිරිම පිණිස සුදුසු ඇප කරුවන්ට සිය වත්කම් සහතික සමඟ අධිකරණය හමුවට පැමිණෙන ලෙස නියෝග කර තිබේ.

ඒ සමඟ විත්තිකරුවන්වද අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමටත් කලින් ඇප තැන්පත් කළ ඇපකරුවන් තිදෙදෙනෙකුගේ ඇප මුදලින් රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ තුනක මුදලක් රාජසන්තක කරන ලෙසත් එසේ කිරිමට අපොහොසත් වන්නේ නම් මාස තුන බැගින් සිරදඬුවම් පමුණුවන බවටත් නියෝග කර ඇත.

2008 නොවැම්බර් මස 12 වන දින හෝ ඊට ආසන්න දිනයක දී හලාවත මහාධිකරණ බල සීමාවේ රාජකදළුව කරුක්කුලිය ජයතිලකාරාමයේ ගබඩා කර තිබු බව කී දැව තොගයක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරිම පිණිස ගිය අවස්ථාවේ දී එවකට ආරචිචිකටිටුව ප‍්‍රාදේශය ලේකම් ලෙසින් කටයුතු කළ ධනසේන සූරසිංහ මහතාගේ රාජකාරියට බලපෑම් කිරිම, බාධා කිරිම, බැන තර්ජන කිරිම, පහරදී හිරිහැර කිරිම ඇතුළු චෝදනාවන් පහක් යටතේ අධි චෝදනා නගමින් මෙම නඩුව පවරා තිබුණ.

මෙම නඩුවෙි විත්තිකරුවන් වුයේ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමෙින්තු මන්ත‍්‍රි සනත් නිශාන්ත පෙරේරා හා ඔහුගේ අයියා වන ආරචිචිකටිටුව ප‍්‍රාදේශීය මභා මන්ත‍්‍රි කුරුගමගේ ජගත් සමන්ත පෙරේරා යන දෙදෙනාය.

කලින් දිනක මෙම නඩුව විභාගයට අවස්ථාවෙමි දි විත්තිකරුවන් දෙදෙනාට මුදලින් රුපියල් පනස් දහස බැගින් හා රුපියල් ලක්ෂ පහ බැගින් සහතික ඇප තුනක් මත හලාවත මහාධිකරණය විසින් මුදා හැර තිබුුණි ඇපවලට අමතරව සතියේ සෑම ඉරු දිනකම පෙරවරු කාලයේ දි හලාවත මුලස්ථාන පොලිසියට පැමිණ වාර්තා කළ යුතු බවටත් නියෝගයක් මහාධිකරණය විසින් පැනවිය.

ඒ අතර පසුගිය මාර්තු මස 19 වන දින මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවෙි දි විත්තිකරුවන් පොලිස් ස්ථානයට නියම කළ අයුරින් වාර්තා කර නොමැති බව හලාවත පොලිසිය අධිකරණය දැන්වීම නිසමා විත්තිකරුවන් මැයි මස 24 වන දින දක්වා රක්ෂිත භාරයේ තැබීමට නියෝග කළේය.

Facebook
Twitter
LinkedIn