විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම සඳහා වන ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා අනුමත කරන බවත් ඒ සඳහා සහාය ලබා දෙන බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා සඳහන් කරයි.
මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (30) පැවත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
“මේ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒම ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලැජ්ජා විය යුතුයි. සෝභිත හිමියන් එදා තේමාව ලෙස ගෙන ගියේ විධායක ජනාධිපති ක්රමය අහෝසි කළයුතුමයි කියලයි. ඒ තේමාව ඔස්සේ මැතිවරණ ව්‍යාපාරය ගෙන ගොස් වත්මන් අණ්ඩුව බලයට ආවේ.
ඒ බව සිහි කරමින් ජනාධිපතිවරයා සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු සිදුවෙන මොහොතේ විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කරන බවට යළි සපථ කළා.
මා සිතන්නේ ජනාධිපතිවරයා සෝභිත හිමියන් අපවත්වන තුරුම විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන්න සිතා සිටියා. නමුත් එතුමාගේ උපදේශකයන් විසින් ඒ ගැන ජනාධිපතිවරයාගේ මතය වෙනස් කර තිබෙන හැඩයි.” යනුවෙන්ද මහාචාර්ය සරත් විජේසූරිය මහතා එහිදී සඳහන් කර සිටියේය.










