කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලේ මාසික කුලිය මේ මාසයේ සිට රුපියල් ලක්ෂ 252.5ක් කර තිබේ.
රංගණ ශිල්පිනී සබීතා පෙරේරා මහත්මියට අයත් මෙම ගොඩනැගිල්ල කුලියට ලබාදෙන අවස්ථාවේ සිට පසුගිය මාසය දක්වාම එහි කුලී මුදල රුපියල් ලක්ෂ 245කි. නමුත් මේ මාසයේ සිට එම මුදලට තවත් රුපියල් ලක්ෂ 7.5ක් එක් කර ඇත.
කෙසේ නමුත් මෙම මුදල් අයකිරීමේ වැඩිවීම සිදුව ඇත්තේ එම ගොඩනැගිල්ල කුලියට ගැනීමේ ගිවිසුම අනුවය. එම ගිවිසුම අනුව මෙම මාසයේ සිට කුලී මුදල 3%කින් වැඩිවිය යුතුය.
මෙම තත්වය මත කෘෂිකර්ම අමාත්‍යාංශය යළි ගොවිජන මන්ධිරය වෙත ගෙන යාම පිළිබඳව සොයා බලමින් සිටින බවද වාර්තා වේ.
මෙම ගොඩනැගිල්ල කුලියට ගැනිමෙන් පසු වසර දෙකකට ආසන්න කාලයක් එය ප්‍රයෝජනයට නොගෙන තිබූ අතර එය කෘෂිකර්ම අමාත්‍යාංශයට ගැලපෙන පරිදි සකස් කර ගැනීම සඳහා රජයේ මුදල් විශාල ලෙස වියදම් කරමින් නවීකරණය කිරීම්ද සිදුකරන ලදී.
එම ගොඩ නැගිල්ලේ කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කර මේ වනවිට ගතව ඇත්තේ මාස කිහිපයක් පමණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතාගේ යෝජනාවක් අනුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවක් මත මෙම ගොඩනැගිල්ක්ක කුලියට ගැනීමට තිරණය වී තිබිණි.










