මීට වසර 08කට පමණ ඉහත දී එනම් 2010 වසරේදී අල කන්ටේනරයක සඟවා හෙරොයින් කිලෝ 8.25ක් ලංකාවට ගෙන ඒමේ දී අත්අඩංගුවට ගනු ලැබූ රයිඩ් මොහොමඩ් හෙවත් ජාන් නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (11) මරණිය දණ්ඩනය නියම කර තිබේ.
අල කන්ටේරනයක බහා අල ගෙඩි මෙන් පෙනන සේ ප්ලාස්ටික් වලින් අසුරණ ලද භාජනවල අසුරා මෙම හෙරොයින් තොගය ලංකාවට ආනයනය කර තිබිණි.
මේ සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී අදාළ හෙරොයින් තොගය සොයා ගෙන ඇත.
දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහිව චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව කී විනිසුරුවරයා මෙලෙස විත්තිකරුට මරණ දඩුවම නියම කර තිබේ.
9










