උඩුවේ හිමියන්ට එරෙහි නඩුවේ විත්ති වාචික කැඳවීමට අවසර

උඩුවේ හිමියන්ට එරෙහි නඩුවේ විත්ති වාචික කැඳවීමට අවසර

නීත්‍යානුකූල බලපත්‍ර නොමැති නීතිවිරෝධීව අලි පැටවකු සිය විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටි උඩුවේ ධම්මාලෝක හිමිගේ නඩුවේ විත්ති වාචිකයන් කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නියෝග කර තිබේ.

ඒ අනුව ලබන ජුලි 17 වැනිදා අදාල විත්ති වාචකය ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර ඇත.

උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් අල්විස් මහතා කරුණු ඉදිරිපත් කරමින් මේ චෝදනාව සම්බන්ධයෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් සාක්ෂි ලබා දෙන බවත් උන් වහන්සේ වෙනුවෙන් සාක්කිකරුවන් කැඳවන බවත් අධිකරණයට දැනුම්දී තිබේ.

Facebook
Twitter
LinkedIn