අද රෑ සිට ඉන්ධන මිල ඉහළ යන්නේ මෙසේයි

අද රෑ සිට ඉන්ධන මිල ඉහළ යන්නේ මෙසේයි

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහත පරිදි වැඩි වේ

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ ගොස් නව මිල රුපියල් 137ක් වේ

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ ගොස් නව මිල රුපියල් 148 ක් වනු ඇත

ඔටෝ ඩීසල් ලීටරයක  නව මිල රුපියල් 109 ක් වන අතර එය රුපියල් 14 කින් වැඩි කර තිබේ.

සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 119 ක් වන අතර  ලීටරයක මිල වැඩි කර ඇත්තේ, රුපියල් 09කිනි.

භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 101ක් වන අතර ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 57 කින් වැඩි කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්