උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය පක්ෂයෙන් දඹුල්ල ප්‍රාදේශීය සභාව නියෝජනය කළ 34 හැවිරිදි වියේ පසුවන හිටපු මන්ත්‍රී හිමිනමක් විවාහක කාන්තාවකට ලිංගික අතවරයක් කිරීමේ චෝදනාව යටතේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන (09 ) දඹුල්ල දිසා මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා වෙතා ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
සිගිරිය – නාගල වැව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු මවක් වන අතවරයට පත් කාන්තාව ඉකුත් අප්‍රේල් මස 10 වෙනි දින දහවල් දානය රැගෙන තමා පදිංචි ගම්මානයේ පිහිටි විහාරස්ථානයට ගිය අවස්ථාවේ සැකකාර හිමිනම මෙම කාන්තාවට ලිංගික අතවර සිදු කර ඇත.
තමාට ලිංගික අතවරයක් සිදුකල බවට එම කාන්තාව ඊයේ (08) සිගිරිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකාර හිමිනම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර හිමිනමට මිට පෙරද කාන්තාවකට ලිංගික අතවර චෝදනාවක් එල්ලවී තිබෙන අතර එම හිමිනම මෙවරද උදයගම්මන්පිල මහතාගේ පක්ෂය නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කර ඇත.
අතවරයට ලක්වූ දිනම සිද්ධිය පිලිබදව තම වැඩිමල් සොයුරියට පැවසු බවත් මෙය රහසක් වශයෙන් තබා ගැනීම තම හිතට වදයක්වූ බැවින් තමාගේ සැමියාට සිද්ධිය පිලිබදව පැවසු බවත් ඔහුගේ උපදෙස් මත අදාළ පැමිණිල්ල සිදුකල බවත් පැමිණිල්ලේ සදහන්වේ.
සිගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.










