ජවිපෙන් බදුල්ලට පරිඝණක පාසලක්

ජවිපෙන් බදුල්ලට පරිඝණක පාසලක්

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වැටුප් අරමුදලේ දායකත්වයෙන් හා අනුග්‍රාහක හිතවතුන්ගේ මැදිහත් වීමෙන් නිමකළ රිදීමාලියද්ද නේත්‍රා පරිගණක පාසල පසුගිය 31 වන දින ජනතා අයිතියට පත් කර තිබේ.

මෙම අවස්ථාවට ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වතුන්, කලා කරුවන්, ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් එක් වී සිටියහ.

තූර්යවාදක කණ්ඩායම පෙරටු කොට පැමිණි ආරාධිතයින් අතින් පාසල් නාම පුවරුව නිරාවරණය කිරීම ප්‍රථමයෙන් සිදුවූ අතර අනතුරුව පැල කිහිපයක් සිට වා ඇති අතර කාර්යාලය විවෘත කළ මහාචාර්ය පස්දුන් කෝරලේ මහතා මෙම අවස්ථාව සිහිවීම පිණිස සටහනක් තබා ඇත.

පන්ති කාමරය විවෘත කිරීම ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා ඉඩම පරිත්‍යාගයෙන් දායක වූ සෝමා මෑණියන් අතින් සිදු කර තිබේ.

නවීන ලෙස නිමවූ පරිගණකාගාරය විවෘත කිරීමට ඒ සදහා පරිගණක සැපයීමෙන් දායක වූ කොළඹ මැනිං පොදු වෙළඳ පොලේ ව්‍යාපාරික මහතුන් අතින් සිදු කර ඇත.

මේ අවස්ථාවේදී www.nethra.org වෙබ් අඩවිය විවෘත කිරීමද සිදු වී තිබේ.

අනතුරුව පැවති උත්සව සභාවේ දී පැමිණි ආරාධිතයින් මෙම කර්තව්‍ය අගය කරමින් සිය අදහස් දක්වා ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න මහතාගේ අදහස් දැක්වීමෙන් පසු ශිෂ්‍යත්ව ලාභී සිසු දරු දැරියන් හට සහතික පත් ප්‍රධානය කර තිබේ.

පැමිණි ආරාධිතයින් හට තිළිණ ප්‍රධානයක්ද සිදු කර ඇත.

Facebook
Twitter
LinkedIn