සභාපතිවරු, නගරාධිපතිවරු පත්කරගන්න සහය ඉල්ලා ජවිපෙට ඇමතුම්…

සභාපතිවරු, නගරාධිපතිවරු පත්කරගන්න සහය ඉල්ලා ජවිපෙට ඇමතුම්…

මේ දිනවල රට පුරා ප‍්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභාවල බලය පිහිටුවීමේ තරගයක් ඇතිවී තිබේ. මෙහිදී පත්වී සිටින මන්ත‍්‍රීවරුන්ගෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් ඉතාම තීරණාත්මක සාධකයක් වී ඇත. මේ හේතුවෙන් පොදුජන පෙරමුණේ, ශ‍්‍රීලනිපයේ සහ එක්සත් ජාතික පක්ෂයේ විවිධ මට්ටම්වල නායකයින් ජවිපෙ නායකයින්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් සභවල ප‍්‍රධානියා පත්කර ගැනීමට සහය ඉල්ලමින් තිබේ. ඇතැම් ආයතනවල ගුටිකෙළිද, ඇතැම් ආයතන තුළ අල්ලස්දීම්ද තවත් ආයතන තුළ දේශපාලන ඩීල්ද සිදුවෙමින් තිබේ.

“ඔබතුමාලාගේ උඩ නායකයෝ විශ්වාසභංග ගෙනත් අගමැතිකම් වෙනස් කරගන්න හදනවා. නමුත් සභාවල ඩීල්ගහලා එකතුවෙලා සභාපතිකම් ගන්නවා. අපි තීරණයක් අරගෙන තියෙන්නේ මේ දේශපාලන ඩීල්වලට අපේ සහය දෙන්නේ නැහැ කියලා. අපේ මන්ත‍්‍රීවරු විපක්ෂයේ ඉඳගෙන ජනතාවට විය යුතු වගකීම් ඉෂ්ඨ කරනවා. මොන සභාපතිවරයා පත්වුණත් අපිට වැඩක් නැහැ.” සහය ඉල්ලා ලැබුණු දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් සුනිල් හඳුන්නෙත්ති කීවේය. “ජනතාවටත් වෙන්නේ මොකක්ද කියලා දැන් හොඳට තේරෙනවා ඇති. බෙදිලා ඡන්දේ ඉල්ලුවාට. දැන් සභාවල ඉන්නේ එකට. තමන්ගේ පුටුව බේරගන්න සල්ලි වියදම් කරනවා. මේ එන්නේ ජනතාවට සේවය කරන්න නෙවෙයිනේ. ඒ නිසා අපි අලුත් හොරුන්ටවත් පරණ හොරුන්ටවත් සහය දෙන්නේ නැහැ.” මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පිළිතුරු දෙමින් කීවේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්