ඒඩ්ස් වැලඳුනැයි කෙනෙහිලිකම්වලට මුහුණ දුන් දැරියගෙන් ජනපතිට ලිපියක්

ඒඩ්ස් වැලඳුනැයි කෙනෙහිලිකම්වලට මුහුණ දුන් දැරියගෙන් ජනපතිට ලිපියක්

විදුහල්පතිවරයකුගේ ක්‍රියා කලාපය හේතුවෙන් අවාසනාවන්ත ඉරණමට මුහුණ පා සිටින්නේ ගනේමුල්ල කුඩා බොල්ලත ශ්‍රී සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවිය විසින් තමන් මුහුණ දෙන ගැහැට සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ වසරේ (2018) ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට ද නියමිතය මෙම දැරියගේ මව HIV මර්දන වැඩසටහන්වලට සම්පත් දායිකාවක ලෙස ස්වේච්ඡාවෙන් සම්බන්ධ වීම වරදක්ය යන ආකල්පය ඇතිවීම මේ දැරියට කෙනෙහිලිකම් සිදුවීමට ප්‍රධාන හේතුව වූ අතර මෙම දැරියටද ඇයට HIV වැලඳී ඇති බවට ප්‍රචාරයක් යන ලදී.

ඒ මත පදනම් ව සිදුවූ මාධ්‍ය අනාවරණය කිරීම්වලින් පසු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේද මැදිහත්වීමෙන් මෙම දැරියට යළි එම පාසලේ අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය පසුබිම සැලසුනු අතර එම දැරියට කෙනෙහෙලිකම් නොකරන ලෙසට විදුහල්පතිවරයාට හා ආචාර්ය මණ්ඩලයටද එම කොමිසම විසින් නියෝග කර තිබිණි.

කෙසේ නමුත් එම නියෝගයන් සියල්ල පසෙක දමා දිගින් දිගටම විදුහල්පතිවරයා විසින් සිදු කරන කෙනෙහිලිකම්වලට මුහුණදීමට නොහැකිව තමන් මුහුණපාන අභාවාචක අත්දැකීම සඳහන් කරමින් මෙම දැරිය සිය අත්දැකීම් විග්‍රහ කරමින් ජනාධිපතිවරයාට මෙම ලිපිය යොමු කර ඇත.

පසුගිය වාර තුනේදීම මෙම දැරිය පන්තියේ පළමුවෙනියා වී ඇති බවද ඇගේ පාසල් සාදන වාර්තාව අනුව පැහැදිලි වේ.

එම ලිපිය පහතින් පල වේ…

Facebook
Twitter
LinkedIn