විශ වායුවක් හේතුවෙන් ඇඟලුම් සේවිකාවන් 34ක් රෝහලට

විශ වායුවක් හේතුවෙන් ඇඟලුම් සේවිකාවන් 34ක් රෝහලට

ඒකල ප්‍රදේශයේ ඇගලුම් කම්හලක විස වායුවක් ආඝ්‍රාහණය වීමෙන් හුස්ම ගැනීමට අපහසු වු සේවක සේවිකාවන් 34 දෙනෙකු අද (20) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සේවක සේවිකාවන් සේවයට වාර්තා කර මද වේලාවකින් සිහිසුන් තත්ත්වයකට පත්වීම මත එම කම්හල් පාලානාධිකාරිය ඔවුන් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.‍

ගම්පහ රෝහලට ඇතුළත් කළ පිරිස අතර පිරිමි සේවකයින් දෙදෙනෙකුද සිටින බවත් මෙම රෝගීන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊයේ (19) දිනයේ දීද කම්හල තුළ මෙලෙස විස වායුවක් කාන්දු වීම හේතුවෙන් සේවක පිරිසක් ගම්පහ ඇතුලු අවට රෝහල් කිහිපයකට ඇතුළත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn