හෙද හෙදියන්ගේ ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් පුත්තලම මූලික රෝහලේ හෙද හෙදියන් අද (20) පුත්තලම මූලික රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරතවී තිබේ.
සමස්ත ලංකා හෙද සංගමයේ පුත්තලම දිස්ත්‍රික් සභාපති අමිල රත්නායක මහතා ඇතුළු හෙද හෙදියන් පිරිසක් පැය එක හමාරකට ආසන්න කාලයක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වී ඇත.
විරෝධතාවය අතරතුර හෙද හෙදියන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකාවක්ද බෙදා හැර තිබේ.
වසර 7, 8, 9, 10 ඉක්මවූ කිලෝ මීටර 200 කට වැඩි දුරක සිට සේවයට පැමිණෙන හෙද හෙදියන් සිටින බවත් විසදුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී අඛන්ඩ වැඩ වර්ජනයකට යාමට සූදානම් බවත් ඒ සඳහා අනිකුත් කාර්ය මණ්ඩලවල සහයෝගය ලබාගැනීමට කටයුතු කරන බවත් අමිල රත්නායක මහතා සඳහන් කරයි.
3










