කොළඹ කොස්වත්ත ප්‍රදේශයේදී බස් රථ රියදුරකුට පහර දුන් දකුණු පළාත් සභාවේ මහින්ද පිලේ මන්ත්‍රී, එම්. කේ. කසුන් මහතා බෙලිඅත්ත ප්‍රාදෙශයේ පුද්ගලයෙකුට පිස්තෝලයෙන් පහරදීම සම්බන්ධව නඩුවක් තංගල්ල අධිකරණයේ විභාග කරමින් පවතින බව හෙළි වේ. කොස්වත්ත ප්‍රදේශයේ මැර මන්ත්‍රී සහ ඔහුගේ බිරිඳ බලපත්‍ර රහිත පිස්තෝලයක්ද ගෙන බස් රථ රියදුරෙකුට පහර දීම සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති.
මේ පිළිබඳව පසුගිය 13වැනිදා පැවති දකුණු පළාත් සභා රැස්වීමේදී විශේෂ අවධානයකට ලක් කර ඇති අතර මෛත්‍රී පිලේ මන්ත්‍රීවරු මෙන්ම එජාපයේ මන්ත්‍රීවරුද මෙම මැර මන්ත්‍රීවරයා ආරක්ෂා කරමින් අදහස් දක්වා තිබිණි. මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් මන්ත්‍රීවරු පිරිසක් යෝජනා කර ඇත්තේ පළාත් සභා මන්ත්‍රීවරු සඳහා පොලිසියේ දෙදෙනෙකු ආරක්ෂාවට ලබාදෙන ලෙසය.
පළාත් සබාවේදි මෙම මැර මන්ත්‍රීවරයා ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ පිරිස ඔහු සම්බන්ධයෙන් පවතින පෙර මැර ක්‍රියා කිසිවක් ගැන කතා කර නොතිබීමද විශේෂත්වයකි.











