VPNවලින් ෆේස්බුක් ගියාද? එහෙනම් මේක කියවගන්න…

VPNවලින් ෆේස්බුක් ගියාද? එහෙනම් මේක කියවගන්න…

අනාරක්ෂිත VPN භාවිතය හේතුවෙන් මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ පුද්ගලික දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව සයිබර් ආරක්ෂණ විශේෂඥයන් පවසයි.

සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යලංකාර මහතා පවසන්නේ පසුගිය කාලය තුළ බොහෝ පිරිස් VPN හරහා සමාජ ජාල මාධ්‍ය භාවිත කළ බව ය.

විදුලි සංදේශ නියාමන සභාවේ දත්ත අනුව පුද්ගලයින් 880,000ක පමණ පිරිසක් මෙලෙස VPN භාවිත කර තිබේ.

මෙලෙස VPN භාවිත කිරීම තුළින් තමන්ගේ පෞද්ගලික තොරතුරු මෙන්ම බැංකු තොරතුරුද අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව අසේල වෛද්‍යලංකාර මහතා සඳහන් කරයි.

තවදුරටත් පුද්ගලික දත්ත අනාරක්ෂිත වීමෙන් වැළැක්වීම සඳහා කඩිනමින් තම ජංගම දුරකතනයෙන් VPN APP ඉවත් කරන ලෙස ද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම තමන්ගේ ඊ-මේල්, ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් ඇතුළු ගිණුම්වලත්, තම දුරකථයෙත් පාස්වර්ඩ් වෙනස් කරගන්නා ලෙසද සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn