2008 වසරේදී කොළඹදි පාසල් සිසුන් ඇතුළ තරුණයින් 11 දෙනෙකු පැහරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නාවික හමුදාවට අද (15) නියෝග කර තිබේ.
ඒ අනුව ඔහු ලබන 23 වනදා ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම නියෝගය ලබාදෙමින් ප්‍රකාශ කර ඇත.
මීට පෙර අවස්ථා දෙකකදී රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස දැනුම්දීම් සිදු කළද ඔහු ප්‍රතිචාරක් නොදැක්වූ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ.
ඒ අනුව රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා ඇත.
එම ඉල්ලීම සලකා බලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය ලබාදී තිබේ.









