රනිල්ට එරෙහි විශ්වාසභංගයට මහින්ද එකඟ නැහැ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එකඟත්වයක් මෙතෙක් ලැබී නැතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙම අවස්ථාවේ මෙවැනි යෝජනාවක් ගෙන ඒමට වඩා පළාත් සභා මැතිවරණයක් ඉල්ලා ආණ්ඩුවට බලපෑම් කිරීමට ආණ්ඩු විරෝධී සියලු බලවේග ඒකරාශිකර ගැනීමේ අවශ්‍යතාවය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාද අවධාරණය කරමින් සිටින බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. එමෙන්ම පසුගිය සමයේ රාජපක්ෂ පවුලේ බොහෝ පිරිසකට එරෙහිව පවතින අධිකරණමය කටයුතුවලදී ඒ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සහ රාජපක්ෂවරු අතර ඇතිකරගෙන තිබූ එකඟතාවයන් සම්බන්ධයෙන්ද විශේෂයෙන් ලලිත් වීරතුංග මහතා සහ අනූෂ පැල්පිට මහතාට එරෙහිව ලබාදුන් සිර දඬුවමෙන් පසු ඔවුන්ට ඇප ලබාගැනීමට අවශය කටයුතු සූදානම් කර දීම සම්බන්ධයෙන්ද රාජපක්ෂවරු අතර විශේෂ කතාබවහක් ගොස් ඇතැයිද ඉහත ආරංචිමාර්ග සඳහන් කරයි.

අගමැතිවරයට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම අද (16) සිට ආරම්භ කෙරෙන බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

කෙසේවෙතත් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයාට භාරදීමට පෙරේදා (14) රැස්‌වූ මහින්ද පිලේ නායකයින් තීරණය කල බවත්, මේ සම්බන්ධව සෙසු පක්ෂවල සහය ලබාගැනීම ඇතුළු ඉදිරි කටයුතු කරගෙන යාම මන්ත්‍රීවරුන් කණ්‌ඩායමකට පැවරූ බවත් වාර්තා වේ.

කරුණු 14ක්‌ මුල් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව සකස්‌ කෙරෙන බවත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්