බ්‍රිතාන්‍ය තීරණයට රුසියාවෙන් දැඩි ප්‍රතිචාර!

බ්‍රිතාන්‍ය තීරණයට රුසියාවෙන් දැඩි ප්‍රතිචාර!

රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 23 දෙනෙකු පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ  ගත් තීරණයට රුසියාවද දැඩි ප්‍රතිචාරයක් දක්වමින් දැනට රුසියාවේ සිටින බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිටුවහල් කිරීමට තීරණය කර ඇති බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ප්‍රකාශ කර තිබේ.

රුසියාව හා බ්‍රිතාන්‍ය අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයට මුල් වූයේ බ්‍රිතාන්‍යයේ සිටි රුසියානු රහස් ඔත්තුකරුවකු හා ඔහුගේ දියණිය පසුගිය 04 වැනි දින බ්‍රිතාන්‍යයේ සාලිස්බරි නගරයේදී විෂ ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කිරීමට උත්සාහ කිරීමත් සමගය.

රුසියානු ඔත්තුකරුවා ඝාතනය කිරීමට රුසියාවේ නිෂ්පාදිත විෂ වර්ගයක් යොදාගෙන ඇති බවත් ඒ පිළිබඳ පරීක්ෂණ සඳහා සහාය දැක්වීමට රුසියානු බලධාරීන් එකඟ නොවීමත් සමග තෙරේසා මේ අගමැතිවරිය රුසියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිටුවහල් කිරීමට නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්