මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ දියණියට අයත් ජංගම දුරකථන දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.
අතිරේක සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතීඥ සයන්ත කෝදාගොඩ මහතා මේ බව ඊයේ (15) අධිකරණයේදී සඳහන් කර ඇත.
වෝහාරික පරීක්ෂණයකින් පසු එම ජංගම දුරකථන නිදහස් කිරීමටද කටයුතු යොදන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
බැඳුම්කර සිද්ධියේදි අර්ජුන් ඇලෝසියස් මහතාට සහ කසුන් පලිසේන මහතාට ආධාර අනුබල දුන් බවට සැකකෙරන පුද්ගලයින්ගේ නාම ලේඛණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
එහි අඩංගු නම් හෙළි නොකරණ බව ප්‍රකාශකරමින් අතිරේක සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා ඔවුන්ගේ ජංගම සහ ස්ථාවර දුරකථන වාර්තාවක් ලබා දෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව එම දුරකථන වාර්තා ලබා දෙන ලෙසට අදාළ ආයතන වෙත නියෝගයක් නිකුත් කිරීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කටයුතු කර ඇත.
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ දියණිය උක්ත වංචාසහගත බැඳුම්කර වෙන්දේසියේ ප්‍රධාන සැකකරුවෙකු වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ බිරිඳය.










