හදිසි විදුලි මිලදී ගැනීමකට සියඹලාපිටිය කෝටි 250ක් ඉල්ලයි

හදිසි විදුලි මිලදී ගැනීමකට සියඹලාපිටිය කෝටි 250ක් ඉල්ලයි

හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා රුපියල් කෝටි 250 ක පමණ මුදලක් ඉල්ලා විදුලිය බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් අමාත්‍යමණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.

පවත්නා නියං තත්ත්වයත් අලුතින් බලාගාර ඉදි කිරීමේ ප්‍රමාදයත් හේතුවෙන් මෙසේ පෞද්ගලික අංශයෙන් විදුලිය මෙගාවොඩ් 100ක් පමණ හදිසියේ මිලදී ගැනීමට සිදුව ඇතැයි එම සංදේශයේ ඇතැයි වාර්තාවේ.

විදුලිය ඒකකයක් රුපියල් 29කට පමණ මිලදී ගැනීමට යෝජනා වී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn