පරාක්‍රම සමුද්‍රය පිටාරගලයි – වාන් දොරටු අටක් විවෘත කරයි

පරාක්‍රම සමුද්‍රය පිටාරගලයි – වාන් දොරටු අටක් විවෘත කරයි

පොලොන්නරුවට දින 02ක් පුරා පැවැති දැඩි වර්ෂාව හෙතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10න් අටක් විවෘත කර ඇති බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ හේවගේ මහතා පවසයි.

අඩි එක බැගින් වාන් දොරටු 06ක්ද අඩි දෙක බැගින් දොරටු 02කක් ද ඊයේ (27) රාත්‍රී අටට පමණ විවෘත කළ බව හේවගේ මහතා සඳහන් කරයි.

මේ වනවිට පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක් ලක්ෂ දාහත් දාහක්  බවත් තප්පරයට ඝන අඩි 1,400ක් වාන් දොරටුවලින් පිටවන බවත් ඔහු කියයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්