මොසැම්බික් කුණු කන්දකට 17ක් බිලි!

මොසැම්බික් කුණු කන්දකට 17ක් බිලි!

මොසැම්බික් රාජ්‍යයේ  අගනුවර ආසන්නයේ පිහිටි විශාල කසල කන්දක් කඩාවැටීම හේතුවෙන්  17දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මොසැම්බික් රාජ්‍යයට දින කිහිපයක් පුරා පැවති වර්ෂාව හේතුවෙන් එරට අගනුවර වන මපුටෝහි මීටර් 15ක් පමණ උසකින් යුතු කසල කන්ද  මෙලෙස කඩාවැටී ඇති බව පැවසේ.

කසල කන්ද අසල තිබූ නිවාස 5ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර එහි ජීවත් වූ පිරිස කසල කන්දට යටව තිබේ.  හදිසි සහන සේවා කණ්ඩායම් පවසන්නේ සුන්බුන් වලට යටවූ තවත් පිරිස් සිටිය හැකි බැවින් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවයි.

නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි මොසැම්බික් රජ්‍යයේ බහුතර ජනතාවක් ඉතාමත් දුගී භාවයෙන් පෙළෙන අතර ජීවිතක්ෂයට පත්වූවන් කසල කන්ද ආසන්නයේ තාවකාලික නිවාස සාදාගෙන ජීවත්වූවන් බව පැවසේ.

Facebook
Twitter
LinkedIn