“වීරවංස එළියේ ඉන්නේ අගමැති නිසා”

“වීරවංස එළියේ ඉන්නේ අගමැති නිසා”

විමල් වීරවංස මහතා පාස්පෝර්ට් ප්‍රශ්නයෙන් බේරුණේ අගමැතිවරයාට පිංසිද්ධ වෙන්න යයි එජාපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසයි. ඔහු මේ බව කීවේ ඊයේ (20) පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එකතු වෙමිනි.

මුජුබර් රහුමාන් මහතා මෙසේ ද කීවේ.

“විමල් වීරවංස මහතා විවිධ දේ කිව්වා. අගමැතිවරයාට පින්සිද්ධ වෙන්නයි පාස්පෝට් සිද්ධියෙන් බේරුණේ. නැතිනම් ඉන්න වෙන්නේ බන්ධනාගාරේ.

ඒ නිසා අපි නැවත 2015 ජනවාරි අට ජනමතය යළි ආරම්භ කළ යුතුයි.

මේ රටේ ජාතිවාදයට පැසිස්ට් වාදයට එරෙහිව කඳවුරක් තිබෙනවා. මේ මැතිවරණය පටන් ගත්තු දවසේ ඉඳන් ජාතිවාදය අවුස්සන්න පුලුවන්ද බැලුවා. අපි එය පරාජය කළා. මේ තීන්දුව ආශිර්වාදයක් විදියට අරගෙන රට හරියට ඉදිරියට ගෙන යා යුතුයි.”

Facebook
Twitter
LinkedIn