මාර්තු 8 දාට පෙර එන්න, මහේන්ද්‍රන්ට කොටුව මහේස්ත්‍රාත් නියෝග කරයි.

මාර්තු 8 දාට පෙර එන්න, මහේන්ද්‍රන්ට කොටුව මහේස්ත්‍රාත් නියෝග කරයි.

මාර්තු 08 වැනි දා හෝ ඊට පෙර සීඅයිඩිය හමුවේ පෙනී සිට කටඋත්තරයතක් ලබාදෙන ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළාය. මෙම නියෝගය අධිවේගී තැපෑල සහ ඩීඑච්එල් කුරියර් සේවය හරහා මහේන්ද්‍රන් මහතාගේ සිංගප්පූරුවේ නිවසට යවන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට පෙබරවාරි 15වැනිදාට පෙර සීඅයිඩිය හමුවේ පෙනී සිටින ලෙසට ලබාදුන් නියෝගය අන්තර්ජාතික පොලිසියේ සිංගප්පුරු ශාඛාව වෙත ලබාදීමට නොහැකි වී ඇතැයි සීඅයිඩිය මෙහිදි අධිකරණයට දැනුම් දුන්නේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්