ජාලිය අල්ලන්න නැවත වරෙන්තුවක්

ජාලිය අල්ලන්න නැවත වරෙන්තුවක්

ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නැවත වරෙන්තු නිකුත් කර තිබේ. අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් එම නියෝගය ලබාදෙන ලදි.

ජාලිය වික්‍රමසූරිය මහතාට විදෙස්ගත වීමට අවසර ලබාදෙන අවස්ථාවේදී අධිකරණය හමුවේ ඇප බැඳුම්කරයට අත්සන් තැබූ ඔහුගේ බිරිඳ හා ඥාතී සහෝදරියද, අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය එහිදී වරෙන්තු නිකුත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn