කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය දින දෙකකට නවතියි

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය දින දෙකකට නවතියි

කැලණිවැලි දුම්රිය මාර්ගය ලබන 16 දා රාත්‍රී 8.00 සිට 19 දා පෙරවරු 4.00දක්වා කාල සීමාව තුළ සම්පූර්ණයෙන් ම වසා තැබෙන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා නිවේදනය කර සිටියි. ඒ අනුව එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින තුළ මෙම මාර්ගයේ සියළුම දුම්රිය ගමන් අත්හිටුවෙයි.

දුම්රිය මාර්ගයේ යටිතල පහසුකම් ඇතුළු අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදු නොකරන බවත් ඒ සම්බන්ධයෙන් මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ ව දුම්රිය දෙපාර්තමේන්තුව සිය කණගාටුව ද ප්‍රකාශ කරන සිටින බවද ඒ මහතා නිවේදනය කර සිටියි.

Facebook
Twitter
LinkedIn