මෙවර පළාත් පාලන මැතිවරණයේ ගලේවෙල ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පොදු ලැයිස්තුව යටතේ තරඟ වදින අපේක්ෂකයෙකු ගලේවෙල පොලිසිය මගින් අද (06) අත්අඩංගුවට ගෙන තිබේ.
ගලේවෙල, පත්කොලගොල්ල ප්‍රදේශයේ නිවෙසකට 05 වෙනි දින රාත්‍රියේ ගල් ගැසීම හා අයුතු ඇතුල්වීම යන චෝදනා යටතේ මෙම අපේක්ෂකයා අත්අඩංගුවට ගෙන් ඇත.
සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
0









