පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රී ධුර සංඛ්‍යාව වැඩිවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ඇතුළු එක්තරා පිරිසක් විවේචන එල්ල කළද එසේ මන්ත්‍රී ධුර ප්‍රමාණය වැඩිවීමේ කිසිදු ගැටළුවක් නැතැයි මහින්ද පිලේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
ඒ මහතා ඊයේ (18) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් පුළුල් කරනවා නම් අනිවාර්යයෙන්ම බිම් මට්ටමේ මන්ත්‍රී ධුර වැඩි කළ යුතු යැයිද ඒ මහතා එහිදි අවධාරණය කළේ ය.
මහින්ද පිලේ මහින්ද රාජපක්ෂ පාර්ශවය ඇතුළු පාර්ශව ගණනාවක්ම ප්‍රකාශ කරන්නේ මන්ත්‍රී ධුර වැඩිවීම විශාල ගැටළුවක් බවයි.
කෙසේ නමුත් මේ වනවිට පළාත් පාලන නියෝජිතයින් පැවති සංඛ්‍යාවට වඩා දෙගුණයකින් පමණ වැඩි වී තිබෙන අතර එයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ඡන්ද ක්‍රමය තීරණය කිරීමට පෙර සීමානීර්ණ කටයුතු සිදු කර තිබීමය.
2










