දැයට කිරුළෙන් වෙන් කළ මිලියන 250 අතුරුදහන්

දැයට කිරුළෙන් වෙන් කළ මිලියන 250 අතුරුදහන්

පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී අම්පාරේ පැවැති ‘දැයට කිරුළ’ ප‍්‍රදර්ශනයට සමගාමීව නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පොළ ඉදි කිරීම සඳහා වෙන් කරන ලද මුදල්වලින් රුපියල් මිලියන 250ක් අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ.

අම්පාර බස් නැවතුම්පොළ ඉදි කිරීම සඳහා දැයට කිරුළ වියදම් ඇස්තමේන්තුවේ මෙම මුදල වෙන් කර ඇතත්, එවැනි ඉදි කිරීමක් එම අවස්ථාවේ සිදු කර නොමැති අතර, එසේ වෙන් කළ මුදල් ලබා ගත් කෙනෙකු හෝ වියදම් කළ ආකාරය පිළිබඳ කිසිදු තොරතුරක් මේ වන තෙක් සොයා ගැනීමට හැකි වී නැත.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය දයා ගමගේ මහතා දැනුම්වත්ව සිටින නමුත් ඔහු වත්මන් ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

දැයක කිරුළ ප්‍රදර්ශනවලදි සිදුව ඇති වංචා හා දූෂණ ප්‍රමාණයක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානය හා දිගාමුඩුලු ජන අයිතීන් සුරැකීමේ සංවිධානය අදාළ පරීක්ෂණ සිදු කරන ආයතන වෙත පැමිණිලි කිහිපයක් ගොනු කර ඇති බවද දැනගන්නට ඇත.

Facebook
Twitter
LinkedIn