අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 99කින් අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණි.

අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 56 ක් පමණි.

ඒ අනුව 2018 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූ බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය.

අයවැයට විරුද්ධව ජවිපෙ මන්ත්‍රී වරු 06 දෙනා ඇතුළු මන්ත්‍රීවරු 56 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

Facebook
Twitter
LinkedIn