දළ පූට්ටුවාගේ ඝාතනයට සැක, ප්‍රසිද්ධි නායක හිමිනමක් අතුරුදහන්

දළ පූට්ටුවාගේ ඝාතනයට සැක, ප්‍රසිද්ධි නායක හිමිනමක් අතුරුදහන්

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ අබිරහස් මරණය පිළිබඳව විධිමත්ව පරීක්ෂණ ක්‍රියාත්මක අතරවාරයේදී ඊට සම්බන්ධතාවයක් ඇති බවට සැක කෙරෙන ප්‍රදේශයේ සංඝ පදවියක් උසුලමින් ප්‍රසිද්ධියට පත්ව සිටින නායක හිමි නමක් අතුරුදහන්ව ඇතැයි පොලිස් බුද්ධි අංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඇත් දළ හා ගජමුතු ජාවාරමට සම්බන්ධ සැකපිට අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර භාරයේ සිටින ග්‍රාම නිලධාරීවරයා මෙම නායක හිමියන්ගේ වාහනයේ රියදුරෙකු ලෙසට කටයුතු කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි.

එමෙන්ම මෙම ඇත්දළ ජාවාරම සිදු වී ඇත්තේද මෙම නායක හිමියන් වැඩසිටි ඓතිහාසික පුදබිම තුළදී බවද පොලීසිය පවසයි.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර භාරයේ සිටින ග්‍රාමනිලධාරීවරයා බේරා ගැනීමට මෙම නායක හිමියන් දැඩි උත්සාහයක නිරතව සිටින බවද ඇත් දළ ජාවාරමට මෙම නායක හිමියන්ගේ සම්බන්ධතාවයක් තිබෙන බවට තොරතුරු හෙළි වී ඇති බවද පවසන පොලිසිය ඒ ඔස්සේ විධිමත්ව පරීක්ෂණ පැවැත්වෙන අතරවාරයේදී නායක හිමියන් ඉකුත් උඳුවප් පොහෝය දිනට පෙර දින එනම් 02වනදා සිට මෙලෙස ප්‍රදේශය අතහැර පල‍ාගොස් ඇතැයිද පොලිස් බුද්ධි අංශ පැවසීය.

නායක හිමියන් වෙස්වළාගෙන විදේශගත වීමට වෑයම් කරන බවට තොරතුරු හෙළි වී ඇති බවත් එසේ යාම වළකාලීම සඳහා පොලිස් බුද්ධි අංශ විමසිල්ලෙන් සිටින බවත් එම අංශයේ නිලධාරියෙක් වැඩිදුරටත් අනාවරණය කළේ ය.

ලංකාදීප

ආශ්‍රිත පුවත්

දළ පූට්ටුවාගේ ඝාතනය සැඟවීමේ තැතක්

Facebook
Twitter
LinkedIn