දෙපිරිසක් අතර හටගත් ආරවුලක් දුරදිග යාමෙන් ඇතිවී තිබෙන ගැටුමෙන් නාවලපිටිය බස් නැවතුම්පොළ අසළදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
එම ආරවුල දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට මත්පැන් බෝතලයක් කඩා පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.
ඝාතනයට ලක්ව ඇත්තේ නාවලපිටිය, බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි අයෙකු වන අතර සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නාවලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.
4










