ගැබිණියකැයි සිසුවියක අස්කිරීම ගැන මානවහිමිකම් පරීක්ෂණයක්

ගැබිණියකැයි සිසුවියක අස්කිරීම ගැන මානවහිමිකම් පරීක්ෂණයක්

පාසැලේදී වමනය යාම නිසා ගැබ්ගෙන ඇති බවට උපකල්පනය කරමින් කැකිරාව අධ්‍යාපන කලාපයේ මඩාටුගම රේවත මහා විදුහලෙන් ඉවත් කරන ලද 10 වන වසර ඉගෙනුම ලැබූ දැරිය මුහුණපා ඇති සිද්ධියට පිළිබදව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් අද (25) එම ප්‍රදේශයට ගොස් විමර්ශන් ආරම්භ කර ඇත.

අගතියට පත් දැරියගේ දෙමව්පියන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කරන පැමිණිල්ලක් හා ඒ පිලිබදව දිගින් දිගට පළවූ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වාර්තා පදනම් කරගෙන මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

මෙම විමර්ශනවලට අදාලව අගතියට පත් දැරියගේ හා ඇයගේ දෙමව්පියන්ගේ මෙන්ම චෝදනා එල්ලවී ඇති පාසැලේ වගකිවයුත්තන්ගේ ප්‍රකශ සටහන් කර ගැනීම මෙසේ ආරම්භ කර ඇත.

අදාල දැරිය කුසගින්න නිසා වමනය ඇතිවූ බවට පාසලේ විනය කමිටුවේ ගුරුවරුන්ට හා විදුහල්පතිනියට බැගෑපත් ලෙස ඉල්ලා සිටියත් තම දියණියට කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කරද්දීත් ඔවුන් විසින් සකස් කරන ලද ලිපියකට කැමැත්තෙන් අස්කරගෙන යන බවට සදහන්  ලියවිල්ලකට අත්සන් ලබාගත් බවත්, විදුහල්පතිනිය විසින් තම දියණිය පාසලෙන් අස්කළ බවට කියා සිටි බවත් දැරියගේ පිය වන එච්.එම්. කිරිබණ්ඩා මහතා මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණිලි කරඇත.

අගතියට පත්දැරිය ඉකුත් 02 වෙනි දින සිට දඹුල්ල මුලික රෝහලේ නේවාසිකව සිට කරන ලද පරීක්ෂණවලදී දැරිය ගැබ් ගෙන හෝ අපයෝජනයට ලක්ව නොමැති බවට මාතලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් නිගමනය කර ඇති බවත් දැරිය මේ වනවිට රෝහලෙන් බැහැරකරඇති බවත් රෝහල් වෛද්‍ය අධිකාරී ගාමිණී සේනානායක මහතා සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අදාල පාසලේ විදුහල්පතිනිය තාවකාලිකව සේවය අත්හිටුවා ඇති බවත්, නියෝජ්‍ය විදුහල්පතිවරයාට පාසලේ රාජකාරි ආවරණය කිරීමට උපදෙස් දී ඇති බව කැකිරාව කොට්ඨශ අධ්‍යාපන අධ්‍යක්ෂිකා කේ.එන් කුමාරි මහත්මිය කියා සිටියාය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්