ජනතා විමුක්ති පෙරමුණේ දිරිය පුරවැසි සමිති දිස්‍ත්‍රික් සමුළු මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුව පසුගිය 22වනදා තංගල්ල බස්නැවතුම්පල භූමියේදී අති විශාල ජන සහභාගීත්වයකින් පැවැත්විණි.
දිරිය පුරවැසි සමිතිවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්‘ගමට දිරියක් – රටට බලයක්’ යන තේමාව යටතේ පැවති මෙම සමුළුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවිය.
මීට අමතරව මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එච්.එල්. පියසිරි මහතා, දකුණු පළාත් සභා මන්ත්‍රී සිසිර කුමාර වාහලතන්ත්‍රී මහතා, දකුණු පළාත් සභා මන්ත්‍රී අතුළ වෙළඳගොඩ මහතා, සමස්ත ලංකා පොදු ධීවර සම්මොලනයේ උප ලේකම් රුවන් සෙනරත් මහතා, රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශ ප්‍රධානී හා ගාල්ල මාතර ප්‍රංශ භාෂා සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රුහුණුහේවා මහතා, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ දිස්ත්‍රික් සංවිධායිකා රෝහිණී බණ්ඩාම මහත්මිය, රුහුණු විශ්වවිද්‍යාලයේ සංහල අංශ ප්‍රධානී, මහාචාර්ය ධර්මා රාජපක්ෂ මහත්මිය, රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යාපන අධ්‍යනඅංශ ප්‍රධානී ආචාර්ය ශාන්ත සුමනරත්න මහතා, රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විමසිරි පුංචිහේවා මහතා, තංගල්ල මූලික රෝහලේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී, තංගල්ල බන්ධනාගාර රෝහලේ වෛද්‍ය අධිකාරී ප්‍රසන්න සෙල්වහේවා මහතා, හම්බන්තොට දිසා රෝහලේ මනෝවෛද්‍ය ඒකකයේ වෛද්‍ය රිසිනි දලුබුරගම මහත්මිය, බෙලිඅත්ත ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අනුර ජයසේකර මහතා, තංගල්ල සෙත්සුව වෛද්‍ය මධ්‍යස්ථානයේ අධිපති වෛද්‍ය ටෙරන්ස් සේනානායක මහතා, සෙවනගල පර්යන්ත රෝහලේ වෛද්‍ය අධිකාරී අශෝක රාජපක්ෂ මහතා, අඟුනකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥ ජයන්ත රෝහන මහතා, තංගල්ල අධ්‍යාපන කලාපයේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.වී. වීරසේන මහතා, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී එච්.කේ. සෝමසිරි මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රට වෙනස් කළ යුතු ආකාරයත් ජනතා විමුක්ති පෙරමුණ ඊට නායකත්වය දෙන ආකාරයත් රට ගොඩනැගිය යුතු වැඩපිළිවෙල ගැනත් මෙහදී අනුර දිසානායක මහතා විසින් සාකච්ඡා කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් යටතේ සියලුම ජනතාවට යහපත් සෞඛ්‍යසේවාවකුත් සැමට අධ්‍යාපනයකුත් ලැබෙන වැඩපිළිවෙලක් ක්‍රිවාත්මක කරන බව එහිදී අනුදර දිසානායක මහතා අවධාරණය කළේය.


































