පසුගිය 27වනදා දූෂණ විරෝධී හඬ සංවිධානයේ “හෙළිදරව්ව” මාධ්‍ය හමුවේදී කන්තලේ සීනි සමාගමේ අබලි ද්‍රව්‍ය ටෙන්ඩරය සම්බන්ධයෙන් තමන් විසින් සිදු කළ ප්‍රකාශය පදනම් කරගනිමින් එය වැරිදි ලෙස වටහාගෙන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මාධ්‍ය වෙත අසත්‍ය තොරතුරු සපයමින් සිටින බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
එම ටෙන්ඩර් කොමිටියේදී රුපියල් මිලියන 540කට ඉල්ලුම් කර තිබූ අදාල සමාගමට ටෙන්ඩරය හිමිව තිබූ අතර ඔවුන් 2017-09-29 දින ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් එම ටෙන්ඩරයෙන් ඉවත්වන බවට ප්‍රකාශ කර ඇති බව සඳහන් කරමින් එය පදනම්කරගෙන රංජිත් විතානගේ මහතා මාධ්‍ය වෙත නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනයේ අඩංගු කරණු සත්‍යයෙන් තොර බව වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි.
තමන් 2017.09.27 දින මාධ්‍ය සාකච්ඡාව පවත්වන අවස්ථාව වනවිටත් උක්ත ටෙන්ඩරය අවලංගු කිරීමට අග්‍රාමාත්‍යවරයා 2017.08.03 වනදා තීරණය කර තිබූ බවට තොරතුරු ලැබුණු බවත් තමන් විසින් එය එම මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණය කර සිටි බවත් සඳහන් කරන වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ කරුණු විකෘති නොකර 2017.09.27 දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට සවන් දෙන ලෙසය.
කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ අබළිද්‍රව්‍ය ටෙන්ඩරයේ වැඩිම ඉල්ලුම වන රුපිය්ල මිලියන 540ක ගැනුම් කරුවා නිකුත් කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් කියනු ලබන ලිපියේ දිනය ලෙස 2017-09-29 ඔහු සඳහන් කළද එම ටෙන්ඩරය අවලංගු කිරීමට යන බවට අනාවරණය කරමින් වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය සාකච්චාව පවත්වා ඇත්තේ 2017.09.27 වන අතර එය අදාළ අබළි ද්‍රව්‍ය ගැනුම්කරුවාගේ ටෙන්ඩරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට දින දෙකකට පෙරය.
වසන්ත සමරසිංහ මහතා විසින් පැවැත්වූ සම්පූර්ණ මාධ්‍ය හමුවට මෙතනින් සවන්දිය හැක
[embedyt] https://www.youtube.com/watch?v=OwIGuD8cTn4[/embedyt]










