ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි, එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට අයත් රැදවුම් මධ්‍යස්තානයක රඳවා සිටි මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසකට හිංසාවන අයුරින් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් සහ ඊට අනුබලදෙමින් ජනතාව උසිගැන්වීම සම්බන්ධයෙන් අරඹේපොළ රතනසාර නම් හිමිනම අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය කියයි.
එලෙස ප‍්‍රකෝපකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා දීමට අක්මීමන දයාරතන සහ අරඹේපොළ රතනසාර යන හිමිවරුන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට ඊයේ (02) දින කැඳවා තිබුණද අත්අඩංගුවට ගැනීමට නියමිත හිමිනම පැමිණ නැත.
රතනසාර හිමියන් නොපැමිණීමට හේතුවද දැනුම් නොදුන් බැවින් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණවන බව කොළඹ අපරාධ විමරශන කොට්ඨාශය සඳහන් කරයි.
2










