තම සේවය අත්හිටවීමට එරෙහිව මීගහතැන්න නාවලකන්ද මිනිරන් පතලේ කම්කරුවන් තිදෙනෙකු අඩි 100ක් පොළව යට උපවාසයක් ආරම්භ කර ඇත.
නාවලකන්ද හා තල්පැදිවිල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙක් එසේ අද (03) අලුයම 05.00 සිට මෙසේ උපවාසයේ යෙදී සිටිති.
මෙම පතල අයත් සමාගමේ කිසිම බලධරයකු උදෑසන 08.00 වනතුරු පැමිණ නොසිටි අතර පතල තුළට ඒ වනතුරු ඔක්සිජන් ලබා දී නොතිබූ බවද වාර්තා වේ.
තමන්ට යාන්තමට වාතාශ්‍රයක් ලැබෙන බව උපවාසයේ යෙදී සිටින කම්කරුවෝ මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ කර ඇත.
ඔවුන් පතලෙන් පිටත සිටින පුද්ගලයින් සමග නළයක ආධාරයෙන් අදහස් හුවමාරු කරගනිමින් සිටින බවද වාර්තාවේ.
3










