මහින්ද, රවි සම්බන්ධයෙන් ‘දවල් මිගෙල් රෑ ඩැනියෙල්‘ රංගනයක VIDEO

මහින්ද, රවි සම්බන්ධයෙන් ‘දවල් මිගෙල් රෑ ඩැනියෙල්‘ රංගනයක VIDEO

විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල ඉතාමක් හාස්‍ය උත්පාදනයවන අන්දමින් තම ප්‍රතිපත්ති වෙනස් කරමින් කටයුතු කරන තත්වයකට පත්ව ඇති බව පෙනී යයි.

ඒ මහතා දහවලට එක් ප්‍රතිපත්තියකත් රාත්‍රියට තවත් ප්‍රතිපත්තියකත් සිටිමින් කටයුතු කරන තත්වයකට පත්ව ඇත.

රවී කරුණානායක මහතාට විරුද්ධව පාර්ලිමේන්තුවට ගෙනෙන විශ්වාසභංග යෝජනාවට ඡන්දය ලබාදීමට නොයන බව මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (05) දහවල් බේරුවලදී ප්‍රකාශකළද ඊයේ රාත්‍රියවනවිට තමන් දහවල එල්බසිටි මතයට හාත්පසින්ම වෙනස් මතයක් හික්කඩුවේදී ප්‍රකාශ කර තිබේ.

ප්‍රතිපත්තියක් ලෙස තමන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම් අවස්ථාවලට සහභාගී නොවන බැවින් මෙවරද සහභාගී නොවන බව ඊයේ දහවල් පවසන මහින්ද රාජපක්ෂ රාත්‍රියේ මාධ්‍ය අමතමින් පවසන්නේ තමන් මෙම දෝශාභියෝගයට ඡන්දය දීමට යන බව ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්